AUG
09
අද සිට මගී ප්‍රවාහන බස් රථ සඳහා ෆුල් ටෑන්ක්

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ම සැපයීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සීමා කර තිබුන ද අද (09) සිට පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සම්පූර්ණයෙන්ම ලබා දීම සිදු කරයි.
පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම තීරණයත් සමග දින කිහිපයක් අඛණ්ඩව සිය බස් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවන බවයි.
325 Views
Comments