රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ඊයේ(06) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයට පැමිණෙන දෛනික සේවාලාභීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මෙම නිලධාරීන් මාස තුනක කාලයක් සඳහා අනුයුක්ත කරන බවයි එතුමා දන්නවා තිබෙන්නේ.

 

ඒ අනුව බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් දහයක් දුරින් පදිංචි කළමනාකරණ සේවා නිලධාරීන් මෙසේ අනුයුක්ත කිරීමට නියමිත අතර අදාළ රාජකාරි සඳහා දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට සේවය කිරීමට කැමැත්ත පළ කරන නිලධාරීන්ගේ ඉල්ලීම් හා ඒ පිළිබඳව නිර්දේශ ලබන 11 වන දිනට පෙර ලබා දෙන ලෙස ද එතුමා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

views

259 Views

Comments

arrow-up