JAN
06
රනිල් ජනපතිගේ කතාව පිළිබඳව විවාදයක් ඉල්ලයි

එළඹෙන 18 වනදා පාර්ලිමේන්තු නව සභා වාරය ආරම්භ කිරීමේදී ජනාධිපති වරයාගේ මූලාසන කතාවෙන් පසු ඒ පිළිබඳ කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 13 වනදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණය කළ අතර එය නැවත ජනවාරි 18 වනදා ආරම්භ කිරීමට තීරණය කෙරුණා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා සිටියේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19, 20, 21 දිනවල දී පැවැත්විය හැකි වනු ඇති බවයි.
841 Views
Comments