තවත් සති තුනක් යනතුරු ගෑස් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

තවත් සති තුනක් යනතුරු ගෑස් නෑ

තවත් සති තුනක් යනතුරු ගෑස් නෑ

ගෑස් බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

 

භාවිතා කරන ලද ගෑස් සිලින්ඩර යළි බාර ගැනීම සිදුවෙමින් පවතින නිසා ගෑස් බෙදාහැරීමේ කටයුතු පමා වී ඇති බවයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

 

ප්‍රමිතියට අනුව සිදු කරන තත්ව පරීක්ෂණවලදී එම ගෑස් සිලින්ඩර වලින් 30%ක් පමණ ප්‍රතික්ෂේප වී තිබෙනවා.

 

ඊට අදාළ උපකරණ ආනයනයට කටයුතු කර ඇති බවත් සති තුනකින් පසු ලිට්‍රෝ ගෑස් පැවැති ධාරිතාවයට ගෙන එන බවයි සභාපතිවරයා සදහන් කළේ.

views

768 Views

Comments

arrow-up