සවස් කාලයේ දිස්ත්‍රික්ක රැසකට වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

සවස් කාලයේ දිස්ත්‍රික්ක රැසකට වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්

සවස් කාලයේ දිස්ත්‍රික්ක රැසකට වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්

දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතී. එය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇත.

 

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

උතුරු, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතී. එය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇත.

 

පුත්තලම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්   හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

700 Views

Comments

arrow-up