බීමත් එස්ටීඒෆ් සැරයන්ගේ මෝටර් රිය යතුරුපැදියේ ගැටී ගැබිනි කාන්තාවකට සහ ඇගේ සැමියාට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

බීමත් එස්ටීඒෆ් සැරයන්ගේ මෝටර් රිය යතුරුපැදියේ ගැටී ගැබිනි කාන්තාවකට සහ ඇගේ සැමියාට තුවාල

බීමත් එස්ටීඒෆ් සැරයන්ගේ මෝටර් රිය යතුරුපැදියේ ගැටී ගැබිනි කාන්තාවකට සහ ඇගේ සැමියාට තුවාල

අනුරාධපුර - පාදෙණිය ඒ 28 මාර්ගයේ ශ‍්‍රාවස්තිපුර පහේ ඇළ, වෙලේ කඩේ හෝටලය අසල මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර කඳවුරට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙකු බීමත්ව පැදවූ මෝටර් රිය යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ගැබිනි කාන්තාව සහ ඇගේ සැමියා තුවාල ලබා තිබේ.

 

පසුගිය 08 වනදා රාත‍්‍රී 7.45ට පමණ සිදුව ඇති එම අනතුරින් අනුරාධපුර, හිදෝගම නෙළුබෑව සමුපකාර පටුමගේ පදිංචි කේ. චමුදිත නුවන් කුමාර සහ ඔහුගේ බිරිඳ මෙලෙස අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

 

ඔවුන් දෙදෙනා මෝටර් රථයට ඉදිරියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී පසුපසින් පැමිණි මෝටර් රථය යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත.

 

අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය පැදවූ පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයාට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ ශ්වසන පරීක්ෂාවේදී ඔහු බීමත්ව සිට ඇති බව තහවුරු වී තිබේ.

 

ඒ අනුව සැකකාර පුද්ගලයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

866 Views

Comments

arrow-up