ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි සමඟ උදෑසන දැඩි මීදුම් තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි සමඟ උදෑසන දැඩි මීදුම් තත්වයක්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි සමඟ උදෑසන දැඩි මීදුම් තත්වයක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (10-30) පමණ වේ.

 

කන්කසන්තුරය සිට පුත්තලම හරහාමීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (35-40) පමණ දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍යස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

740 Views

Comments

arrow-up