අතින් මිරිකුවොත් 40%ක් අපතේ යයි

මෙරට පරිභෝජනය සඳහා භාවිත කරන පොල්වලින් 40%ක් පමණ ගෘහස්ථ පරිභෝජනයේදී අපතේ යන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
ඔහු මේ බව අනාවරණය කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (2 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ගෘහස්ථ පරිභෝජනයේදී අතින් පොල් මිරිකා කුඩු අපතේ හැරීම හේතුවෙන් මෙලෙස පොල් අපතේ යන බවත් බ්ලෙන්ඩරයක් භාවිතයෙන් පොල් අඹරා කිරි ලබාගැනීම, පිටිකළ පොල් භාවිත කිරීම හෝ සකස් කළ පොල් කිරි භාවිත කිරීමෙන් එලෙස අපතේ යන ප්‍රමාණය අඩුකරගත හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් එක් නිවෙසකට පොල් ගස් දෙකක් ප්‍රමාණවත් බවද මෙහිදී අනාවරණය විය.
අපනයන ආදායම වැඩි කරගැනීම වෙනුවෙන් ඵලදායිතාව වැඩි කරගත යුතු බවද දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සිදුවීම හේතුවෙන් ඵලදාව උච්චාවචනය වීම සිදුවන බවත් මෙයට මුහුණ දීම සඳහා පොල් පර්යේෂණ ආයතනයෙන් හා පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඇය කීවාය. එහෙත් එම නිර්දේශ 35%ක් පමණ පොල් වගාකරුවන් පිරිසක් පමණක් මේ වන විට ක්‍රියාත්මක කරන අතර එය 55%ක් දක්වා වැඩි කරගැනීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය විය.
271 Views
Comments