වායු විමෝචන සහතික නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණයට මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

වායු විමෝචන සහතික නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණයට මෙහෙයුමක්

වායු විමෝචන සහතික නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණයට මෙහෙයුමක්

වාහන සඳහා වායු විමෝචන සහතික නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇත.

 

 

ඒ තුළින් මාසිකව මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන් සිදු කිරීමට සැලසුම් කර ඇත.

views

200 Views

Comments

arrow-up