MAY
04
දිස්ත්‍රික්ක තුනක නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත්

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
බදුල්ල, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන මෙසේ නිකුත් කර තිබුණි.
ඊයේ පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර සිටී.
258 Views
Comments