සේපාල් අමරසිංහ ලිඛිතව සමාව ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

සේපාල් අමරසිංහ ලිඛිතව සමාව ගනී

සේපාල් අමරසිංහ ලිඛිතව සමාව ගනී

තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල් අමරසිංහ ලිඛිතව දන්වා තිබේ.

 

අද (14) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ සේපාල් අමරසිංහ එම සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවයි.

 

ජනවාරි මස 05 වැනිදා සේපාල් අමරසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2022 වසරේ දෙසැම්බර් 29 වනදා දළදා වහන්සේට සහ බුදු දහමට අපහාස වන ආකාරයට ඔහු සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ය.

 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවය. ඉන් අනතුරුව සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. සේපාල් අමරසිංහ අද යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

views

200 Views

Comments

arrow-up