නීති විරෝධී ගිනි අවි සමග අනුරාධපුර දී තරුණයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

නීති විරෝධී ගිනි අවි සමග අනුරාධපුර දී තරුණයෙක් දැලේ

නීති විරෝධී ගිනි අවි සමග අනුරාධපුර දී තරුණයෙක් දැලේ

අනුරාධපුර විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත ඊයේ (06)  රාත්‍රියේ අනුරාධපුර පූජා නගරයේ තිසා වැව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැති විදේශ රටක නිෂ්පාදිත බඳින තුවක්කු දෙකක් නීති විරෝධීව ළඟ තබා ගත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ සදහා මෙම සැකකරු සහ ගිනි අවි අනුරාධපුර මූලස්ථාන පොලිසියට  බාර දී ඇත.

 

මෙම සැකකරු හිටපු ඇමතිවරයෙකුගේ මුණුබුරෙකු බව හෙළි වී තිබෙන අතර, පොලිසිය විසින් සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදි.

views

213 Views

Comments

arrow-up