මන්න ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු කළුතරදී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

මන්න ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු කළුතරදී මරුට

මන්න ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු කළුතරදී මරුට

කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක  අද (07) දහවල් 2.20 ට පමණ නිවස තුළට කඩාවැදුණු නාදුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදාසිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබේ.

 

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 27 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම තරුණයා රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුරදී මිය ගොස් ඇත.

 

සිද්ධිය පිලිබද වැඩිදුර විමර්ශන කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් සිදුකරන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

242 Views

Comments

arrow-up