AUG
19
පාසල් දරුවන්ගේ පෝෂණ වේල නතර කිරීමේ සූදානමක්

අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට ලබා දෙන පෝෂණ වේල නතර කිරීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසා සිටිනවා.
මෙම පෝෂණ වේල සඳහා සැපයුම් කරුවන් ලෙස සමෘද්ධිලාභී පවුල් කටයුතු කරන අතර ඔවුන්ට එමඟින් ආදායමක් ද උපයා ගත හැකි වනවා.
කෙසේ නමුත් සමෘද්ධිලාභීන්ට මෙම ආහාර වේල සඳහා දැනට ලබාදෙන රුපියල් 30 ක මුදල රුපියල් 60 දක්වා ඉහළ නංවන බවට ප්‍රකාශ කර තිබුණත් තවමත් එය සිදුව නොමැති බවයි ලංකා ගුරු සංගමය තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.
215 Views
Comments