“අගෝස්තු 09ට කලින් ජනාධිපති රනිල් ඉල්ලා අස්විය යුතුයි” - අරගලකරුවෝ කියති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 09 වැනිදාට පෙර ධුරයෙන් අස්වී ගෙදර යා යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවෝ කියති.
එහි නියෝජිත සුසන්ත කොඩිතුවක්කු කියා සිටින්නේ ජනතාවට අරගලය එපා වී නැති බවත් අරගල බිමෙන් පණිවිඩය එනතෙක් ජනතාවක් බලා සිටින බවත්ය.
නව ජනාධිපතිවරයා පත්ව ඇත්තේ අරගලයෙන් නොව කුමන්ත්‍රණයකින් බවත් පවසන ඔහු ජනමතයක් නොමැති ජනාධිපතිවරයා ජනතාව සමඟ වූ වෛරයෙන් සිටින්නෙක් බවද පවසයි.
හැකි ඉක්මනින් අන්තර්වාර ආණ්ඩුවක් ගෙනැවිත් ඉන් පසුව මැතිවරණයක් පැවැත්විය යුතු බවද හෙතෙම තවදුරටත් පවසයි.
ඔහු මේ අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
303 Views
Comments