අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹසහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩි විය හැක.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

views

299 Views

Comments

arrow-up