තෙල් ගහන අයට අසුබ ආරංචියක් - වැඩි කරන මිල ගැන සජිත් පිලෙන් හෙළිදරව්වක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

තෙල් ගහන අයට අසුබ ආරංචියක් - වැඩි කරන මිල ගැන සජිත් පිලෙන් හෙළිදරව්වක්

තෙල් ගහන අයට අසුබ ආරංචියක් -  වැඩි කරන මිල ගැන සජිත් පිලෙන් හෙළිදරව්වක්

තෙල් මිල යළි ඉහළ යාම පිළිබඳව ඉඟි පළවී තිබේ.

 

මේ සම්බන්ධයෙන් සමගි කළ බලවේග මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු කර තිබේ.

 

ඉතා නුදුරේදීම තෙල් මිල ගනන් ඉහළ යන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.

 

එම කතාවට එක් වූ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව තෙල් සංස්ථාව කර ඇති යෝජනාවේ තොරතුරු හෙළිදරව් කළේය.

 

ඔහු පවසන්නේ පාරිභෝගිකයින් වැඩිපුරම පාවිච්චි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 177 සිට රු. 192 දක්වා රු.15 කින් වැඩි කිරීමට සංස්ථාව ඉල්ලා ඇති බවයි.

 

ඩීසල් ලීටරය රු.121 සිට රු. 169 දක්වා රු. 48 කින් වැඩි කිරීමට සංස්ථාව ඉල්ලා ඇති බවයි.

 

මේ වන විටත් ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන වල මිල ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට වඩා වැඩි කොට තිබේ.

 

මෙය ඉතිහාසයේ ඩීසල් වැඩි කළ වැඩිම මිල වැඩි කිරිම බවට පත් වනු ඇති බවයි වික්‍රමරත්න මහතා සඳහන් කර ඇත.

views

698 Views

Comments

arrow-up