හෙට සහ අනිද්දා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ හෙට (03) සහ අනිද්දා (04) දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ අතිකාල වියදම් අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්යන්තයේ පසුගිය මාස 4 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බවයි.
අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මිල සංශෝධන මෙන්ම කෝටා වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම තුළින් ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වූ බවයි.
245 Views
Comments