ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් වී පුනර්ජනනීය බලශක්තිය නංවන අලුත් මාවතක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් වී පුනර්ජනනීය බලශක්තිය නංවන අලුත් මාවතක

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් වී පුනර්ජනනීය බලශක්තිය නංවන අලුත් මාවතක

2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම, බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ස්වාධීන වීම සහ 2050 වන විට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයට පත් වීම රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

 

මෙම තත්ත්වයට ළඟා වීම අරමුණු කර ගනිමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් ඒකාබද්ධව උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ඇතුළුව ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්ති උත්පාදන හා ජෛව ස්කන්ධ ආශ්‍රිත බලශක්ති උත්පාදන ව්‍යාපෘති සහ අනවරත සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදු කිරීම හෝ පහසු කිරීම මගින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දීය ජනරජයේ රජය එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.

 

ඒ අනුව, ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව වාර්තා වේ.

views

257 Views

Comments

arrow-up