“අර්බුදය විසඳන්න අයි.එම්.එෆ් යන්න කියන්නෙ වසලයො” - වාසු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“අර්බුදය විසඳන්න අයි.එම්.එෆ් යන්න කියන්නෙ වසලයො” - වාසු

“අර්බුදය විසඳන්න අයි.එම්.එෆ් යන්න කියන්නෙ වසලයො” - වාසු

මෙරට තුළ මේවන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය විසඳාගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත යුතු බවට කිසිවෙක් පවසන්නේ නම්, ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කීවේය.


1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිව පෙනෙන්නට ඇතැයිද හෙතෙම පැවසීය.


මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමට තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල්ව ඉදිරියට යන බවද ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු සහායක් ලබා නොදෙන බවද වාසුදේව නානායක්කාර සඳහන් කළේ ය.


තායිලන්තය, තායිවානය හා දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යටි අරමුණ තේරුම් ගැනීම නිසා එම අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රීවරයා පැවසීය.


ආනයනය අපනයනය තුලනය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ලබාදීම සඳහා පනවන කොන්දේසිවලට එකඟතාව පළ කරන දේශපාලකයන් මේ බව හොඳට තේරුම් ගත යුතු බව ද නානායක්කාර මේ පිළිබඳව වැඩිදුරටත් පැවසීය.
 

views

347 Views

Comments

arrow-up