තරුණ ව්‍යාපාරිකයෙකුව අමාණුෂික ලෙස ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

තරුණ ව්‍යාපාරිකයෙකුව අමාණුෂික ලෙස ඝාතනය කෙරේ

තරුණ ව්‍යාපාරිකයෙකුව අමාණුෂික ලෙස ඝාතනය කෙරේ

වව්නියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයෙකු පසුගිය 31 වන දින කිසියම් නාදුනන පිරිසක් විසින් අමානුෂිකව ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට සිදම්බරපුරම් පොලීසිය කියයි.


අච්චිපුරම් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් ආසන්නයේ මළසිරුරක් ඇති බවට සිද්ම්බරපුරම් පොලීසියට ලැබුනු තොරතුරක් මත අදාල ස්ථානයට ගිය පොලීසිය විසින් මළසිරුර පරික්ෂා කිරීමේදී මියගොස් ඇත්තේ අදාල තරුණ ව්‍යාපාරිකයා බවට අනාවරණය කරගනු ලැබීය.


මළසිරුරේ වෙඩි ප්‍රහාරයක් මෙන්ම දරුණු කැපුම් තුවාල ඇති බවටත් එක් අතක් වෙන්වන අයුරින් කපා තිබූ බවටත් අනාවරනය වී තිබෙන අතර අදාල ව්‍යාපාරිකයාට පළමුව වෙඩිතබා පසුව අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදී ඇතැයි සැකපල කරන බව පොලීසිය පැවසීය.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි යොන්සන් රන්ජා නැමති තරුණ ව්‍යාපාරිකයෙකු වන අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ වෙනුවෙන් වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.

 

අදාල ඝාතනය සිදුකල අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකොට ඇතැයි සැකපල කරන බවට සිද්ම්බර පුරම් පොලීසිය කියයි.

 

ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට සිද්ම්බරපුරම් පොලීසිය සහ වව්නියාව පොලීසිය විසින් පුලු‍ල් පරික්ෂණයක්ද ආරම්භ කොට තිබේ.

views

268 Views

Comments

arrow-up