AUG
02
ඩොලර්වලින් ගෙව්වොත් පෝලිම් නැතිව ඉන්ධන

විදේශගත ශ්‍රමිකයින්, විදේශ සංචාරකයින්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්ධන බලපත්‍ර ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී ඇත.
ඒ අනුව ගුවන් තොටුපළේදී ඇමෙරිකානු ඩොලර් ගෙවන පුද්ගලයින්ට මෙම පහසුකම ලැබෙනු ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.
එම පිරිස් වලට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවද මනුෂ නානායක්කාර කියා සිටී.
287 Views
Comments