අනිද්දා පාර්ලිමේන්තුව කැඳවන්න - ලක්ෂ්මන් කිරිඇල්ල

අනිද්දා(25) දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ඊයේ(22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදුවු සිදුවීම සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.
මේ අතර අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතා මාලාවක් ප්‍රදේශ කීපයක දී අද(23) පැවැත්වුණා.
240 Views
Comments