රනිල්ට සහාය දීමට ගත් තීරණය ගැන විමසා ජී.එල්ගෙන් සාගරට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

රනිල්ට සහාය දීමට ගත් තීරණය ගැන විමසා ජී.එල්ගෙන් සාගරට ලිපියක්

රනිල්ට සහාය දීමට ගත් තීරණය ගැන විමසා ජී.එල්ගෙන් සාගරට ලිපියක්

විධායක ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය ලබාදීමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට ඊයේ(15) දින එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් කරුණු විමසමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

 

පක්ෂය ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මතද, එම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරි යටතේ ද සහ එම තීරණය ගැනීමට සහභාගී වූ බව කියන පුද්ගලයන්ගෙ නම් හා ඔවුන් තෝරා ගැනීමේ පදනම කවරේ දැයි යනුවෙන් පක්ෂ සභාපතිවරයා එම ලිපියෙන් ප්‍රශ්න කර තිබෙනවා.

 

මහාචාර්ය ජී.එල් පීරිස් විසින් යොමු කරන ලද ලිපිය පහතින්.

 

 

views

287 Views

Comments

arrow-up