මීළඟ ජනපතිට සහාය දීම ගැන තවම තීරණයක් නැහැ - ස්වාධීන පක්ෂ -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

මීළඟ ජනපතිට සහාය දීම ගැන තවම තීරණයක් නැහැ - ස්වාධීන පක්ෂ -

මීළඟ ජනපතිට සහාය දීම ගැන තවම තීරණයක් නැහැ  - ස්වාධීන පක්ෂ -

ලබන බදාදා(20) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී තම සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් තීරණය කර නොමැති බව ස්වාධීන පක්ෂ කණ්ඩායමේ නියෝජිතයන් ප්‍රකාශ කර සිටිනවා.

 

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂවල සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ස්වාධීන පක්ෂ 11 කණ්ඩායමේ නියෝජිතයන් ඊයේ(15) පස්වරුවේ දී කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දි පවත්වා තිබෙනවා.

 

නව ජනාධිපතිවරයකු සහ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ගත යුතු තීරණය සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

 

කෙසේ වෙතත් මේ වන විට විධායක ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර එනම් වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුනුයි.

 

 

views

269 Views

Comments

arrow-up