පින්නවල රාත්‍රී සෆාරී උද්‍යානයක් කෙරේ

පින්නවල සත්වෝද්‍යානය රාත්‍රිය සෆාරි උද්‍යානයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ(25) පස්වරුවේ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රිතව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
දැනට පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නැරඹීමට අවසර ලබාදෙන්නේ පස්වරු 5 දක්වා පමණක් හේතුවෙන් රජයට දෛනිකව උපයාගත හැකි විශාල ආදායමක් අහිමි වන බව ද ඔවුන් මෙහි දී පෙන්වා දුන්නා.
298 Views
Comments