SEP
19
යුක්‍රේනයේ සිටියේ වෛද්‍ය සිසුන් නොවේ - තාරක බාලසූරිය

රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිට යුක්‍රේනය විසින් මුදාගත් බවට පැවසෙන ශ්‍රී ලංකිකයන් 07 දෙනා වෛද්‍ය සිසු නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.
ඔවුන් නීති විරෝධී ලෙස යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කළ පිරිසක් බව අමාත්‍යවරයා පවසයි.
යුද ගැටුම් ආරම්භ වන විට යුක්‍රේනයේ සිටි මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.
ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
261 Views
Comments