වඳුරු උණ රෝගයේ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

වඳුරු උණ රෝගයේ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට

වඳුරු උණ රෝගයේ පරීක්ෂණ කට්ටල තොගයක් මෙරටට

වඳුරු උණ රෝගයට අවශ්‍ය පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට භාරදී තිබෙනවා.

ඊයේ(05) පැවැති එම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය විසින් අදාළ පරීක්ෂණ කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම අමාත්‍යංශයේ දී භාරදෙනු ලැබුවා.

පරීක්ෂණ කට්ටල 125ක් මෙලෙස මූලිකව භාර දෙනු ලැබූ අතර එම තොගය වෛද්‍ය පර්යේෂණායතනය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාර දීම ද එහිදී සිදු කරනු ලැබුවා.

views

215 Views

Comments

arrow-up