මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දුන් පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

පසුගිය මැයි නව වැනිදා මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට පහර දී දේපල වලට හානි සිදුකළ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධනගේ රත්මලානේ පිහිටි සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට පහර දුන් සැකකාරියක් රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම දෙහිවල හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සහ ඔහුගේ සහෝදරයෙකු ගේ නිවසට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ගේ කාර්යාලයට සහ දේපල වලට පහර දී ගිනි තැබීම සම්බන්ධයෙන් ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

views

187 Views

Comments

arrow-up