ගොකරැල්ලේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

ගොකරැල්ලේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කෙරේ

ගොකරැල්ලේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කෙරේ

ගොකරැල්ල පොලිස් වසමේ මීගහමුලවත්ත ඉබ්බාගමුව ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මරණකරු නිවසේ පැවැත්වීමට සූදානම්ව තිබූ පූජාවක් සඳහා කෙසෙල් අතු කැපීමට තවත් පුද්ගලයකු සමග අසළ නිවසකට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මරණකරු හා අනික් පුද්ගලයාව හප්පාගෙන ගමන් කර ගෙන ඇති අතර එසේ කිරීමට හේතුව විමසීමේදී බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

ඉන් අනතුරුව උදැල්ලකින් පහර දී, පිහිවලින් කපා, යකඩ පොලුවලින් පහරදී අදාළ පුද්ගලයාව ඝාතනය කර තිබෙනවා.

මරණයට පත්වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්. 

views

215 Views

Comments

arrow-up