SEP
02
කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

හෙට පෙරවරු අටේ සිට අනිද්දා අලුයම දෙක දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ නෙනම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ වලටද මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ ජල පොම්පාගාරයට සැපයන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනවා.
238 Views
Comments