පුද්ගලයෙකු මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කරයි. කාන්තාවක් සැකපිට අත්අඩංගුවට.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

පුද්ගලයෙකු මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කරයි. කාන්තාවක් සැකපිට අත්අඩංගුවට.

පුද්ගලයෙකු මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කරයි. කාන්තාවක් සැකපිට අත්අඩංගුවට.

පුද්ගලයෙකු මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් බිබිල නාගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ කාන්තාව විසින් පවත්වාගෙන යන වෙළඳසැලට පැමිණි එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (25) පස්වරුවේ නාගල ප්‍රදේශයේ පිහිටි මෙම කාන්තාවගේ වෙළෙඳසැලට අදාළ පුද්ගලයා පැමිණි අවස්ථාවේ දී ආරවුලක් ඇති ව තිබේ.

 

පසුව එය දුර දිග ගොස් ඔවුන් දෙදෙනා අතර පොරබැදීමක් සිදුව ඇත.

 

එහි දී සැකකාර කාන්තාව විසින් මෙම පුද්ගලයාට මන්නා පිහියකින් කොටා ඇත.

 

පසුව වෙළඳසැලේ තිබූ පෙට්‍රල් බෝතලයක් ගෙන මියගිය පුද්ගලයාගේ සිරුරට දමා ගිනි තබා ඇති බව වාර්තා වේ.

 

මිය ගිය පුද්ගලයාගේ සිරුර මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

views

277 Views

Comments

arrow-up