AUG
19
උසස් පෙළ අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන අයදුම්පත් කැඳවීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මස 26 වනදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.
එසේම 2021 අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා පමණක් එම ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අයදුම්කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා.
225 Views
Comments