අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයක සේවකයින් 60න් විශ්‍රාම නොයවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයක සේවකයින් 60න් විශ්‍රාම නොයවයි

අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයක සේවකයින් 60න් විශ්‍රාම නොයවයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. 

 

ඒ අනුව වෛද්‍ය, හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුනේ මහතා සඳහන් කළේ. 

 


 
එම වෘත්තීන්හී නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බව ලේකම්වරයා සඳහන් කළා. 


 
සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ. 


 
ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවා. 


 
ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

views

331 Views

Comments

arrow-up