පොහොර අර්බුදය කඩිනමින් විසදන්නැයි අගමැති කැබිනට් මණ්ඩලයට දන්වයි

පවතින තත්ත්වය හමුවේ වී ගොවීන් ඇතුලු සෙසු ගොවීන්ට ද ගැටලුවකින් තොරව අවශ්‍ය පොහොර ඉක්මනින් ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඒ, රසායනික පොහොර ගෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් කරමින්.
කාබනික පොහොර නොමිලේ ලබා දීමට සහ රසායනික පොහොර අවශ්‍ය ගොවීන්ට එම පොහොර මුදලට ලබාදීමටයි මෙහිදී අවධානය යොමුව ඇත්තේ. මහ කන්නය ආරම්භ වීමත් සමග වී ඇතුලු අනෙකුත් කෘෂි භෝග වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි කාබනික පොහොර නොලැබෙන බවට ගොවීන් උද්ඝෝෂණ සිදු කරමින් දිගින් දිගටම චෝදනා කර සිටිනවා.
එබැවින් මහ කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කර වැඩි අස්වැන්නක් ගොවීන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ඔවුන්ට අවශ්‍ය පොහොර හිගයකින් තොරව ලබාදිය යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය යෝජනාව මගින් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව කෘෂි වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාදයකින් තොරව ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දැනුම්දීමක් ද කර තිබෙනවා.
665 Views
Comments