විදේශ රැකියා දෙන බවට පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

විදේශ රැකියා දෙන බවට පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බවට පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව පසුගිය 23 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

 

කුවේට් රාජ්‍යයේ ගබඩා සහායක වශයෙන් රැකියා අවස්ථා පවතින බවත්, ඒ සඳහා රු.450,000ක මුදලක් අවශ්‍ය බවත් මෙම පුද්ගලයා පවසා ඇත.

 

ඒ අනුව බදුල්ල නගරය අවට පදිංචි පුද්ගලයින් 8දෙනෙකු රවටා මොහු රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් ලබාගෙන තිබේ.

 

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ගම්පොළ, අටබාගේ, අටබාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ 24 වනදා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

views

313 Views

Comments

arrow-up