රට යන ඉංජිනේරුවන් වෙනුවට මෙරට ඉංජිනේරුවන් 19 දෙනෙකු ගැනීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

රට යන ඉංජිනේරුවන් වෙනුවට මෙරට ඉංජිනේරුවන් 19 දෙනෙකු ගැනීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්

රට යන ඉංජිනේරුවන් වෙනුවට මෙරට ඉංජිනේරුවන් 19 දෙනෙකු ගැනීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්

නොරොච්චොලේ විදුලි බලාගාරයට අනුයුක්තව සිටි ඉංජිනේරුවරුන් රැසක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉවත්ව විදේශ ගත වීම නිසා, බලාගාරයේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සදහා කොන්ත්‍රාත් පදනම යටතේ ඉංජිනේරුවරු 19 දෙනෙකු බදවා ගැනීම සදහා කැදවු සම්මුඛ පරීක්ෂණ කටයුතුවලට අදාළ බදවා ගැනීම තාවකාලිකව නවතාලීම සදහා අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් ලබා දී තිබේ.

 

ඒ මෙම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ අධිකාරිවරුන්ගේ (ES) සංගමය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අවස්ථාවේදීය.

 

එහිදී නඩුව ඉදිරියට පවත්වාගෙන ‍යාමටත් තාවකාලිකව මෙම බදවා ගැනීම නවතාලීම සදහා අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙලෙස දී තිබේ.

 

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ මෙහෙයුම් නොවැම්බර් මස ආරම්භ කිරීම සදහා පුහුණු පළපුරුදු විදුලි ඉංජිනේරුවන් නොමැති වන බව 'ආයුබෝ' මීට පෙර අනාවරණය කළේය.

views

290 Views

Comments

arrow-up