ලබන අවුරුද්දේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස් වෙයි

ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කොට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
එසේම සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට ද තීරණය කොට තිබේ.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග අද (13) පැවැති සාකච්ඡාවකදී මේ බව අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
මෙහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුත, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් කරුණු දැනුවත් කොට ඇත.
326 Views
Comments