සිල්පර කොට හොරකමකට ලුහු බැදි දුම්රිය කම්කරුවා කොච්චියට බෙල්ල තිබ්බා?

යකඩ සිල්පර කොටයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවකු දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්‍රීරෝද රථයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය මෙම ලුහු බැදීම සිදු කොට ඇත.
මෙහිදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් පැන පළාගොස් ඇති අතර වැලිගල්ල ප්‍රදේශයේදී ඔහු දුම්රියට ගෙල තබා සියදිවි හානි කරගෙන ඇති බව ගම්පොළ පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි ගම්පොළ, කහටපිටිය දුම්රිය නිවාස වල පදිංචි අයෙකි.
330 Views
Comments