කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉවතට

කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉවතට

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

එතුමා අද(16) පෙරවරුවේ සේවයට වාර්තා කළ පසු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු ට අද සිට වැඩ භාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම් දී තිබූ බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි සිදුවන දූෂණ වංචා විමර්ශනය කිරීම හේතුවෙන් තමාව කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙලෙස ධුරයෙන් ඉවත් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

288 Views

Comments

arrow-up