කැලණි ගඟේ සැඩ පහරට ගසාගෙන ගිය දරුවෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

කැලණි ගඟේ සැඩ පහරට ගසාගෙන ගිය දරුවෙක් අතුරුදන්

කැලණි ගඟේ සැඩ පහරට ගසාගෙන ගිය දරුවෙක් අතුරුදන්

කැලණි ගඟේ දිය නෑමට ගිය දරුවන් දහ දෙනකුගෙන් හතර දෙනෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඉන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර එක් දරුවෙකු මේ වන විට අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

කැලණි ගඟේ පෑලියගොඩ මාරගහ නාන තොටුපළ අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ දියේ ගිලීම් රැසක්ම සිදුව ඇති බවයි.

views

261 Views

Comments

arrow-up