ඝාතනයකට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

ඝාතනයකට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඝාතනයකට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

මාලිගාවත්ත ලක් හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

අදාළ සැකකරුවන් අපරාධය සඳහා පැමිණ ත්‍රිරෝද රථයකින් පලා යන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබිය කඩුවක්, මන්නා පිහි හතරක්, යකඩ පොල්ලක් සහ කිතුල් පොල්ලක් හමු වී තිබෙනවා.

අදාළ සැකකරුවන් මට්ටක්කුලිය, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22, 32 සහ 33 යන වයස්වල පසුවන්නන්.

views

216 Views

Comments

arrow-up