විදුලි බිල නොගෙවීමේ මහා ව්‍යාපාරයක් අරඹනවා - ඕමල්පේ හිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මහා සංඝරත්නය එක්වී ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.
ඒ වැඩිකල විදුලි බලට එරෙහිවය. විරෝධතාවය සදහා බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා සහභාගී විය. විරෝධතාවයෙන් අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍යයට අදහස් දක්වන ලදී.
එහිදී ඕමල්පේ හිමියන් කියා සිටියේ, ඉතාමත් අසාධාරණ ආකාරයෙන් මේ වන විට විදුලි බිල වැඩිවී ඇති බවත් කිසිසේත් එම විදුලි බිල් ගෙවීමට තමන්ට හැකියාවක් නැති බවත් කෙසේවත් ගෙවන්නේද නැති බවත් කීය.
දැන් එංගලන්තයේත් අසීමිත ලෙස විදුලි බිල වැඩි කරල, ඒ රටේ ජනතාව එකාමෙන් නැගිටී සිටිනව පෙත්සම් අත්සන් කරනව ලක්ෂගනනින්. දැන් කවුරුත් විදුලි බිල ගෙවන්නේ නැහැ. මේ දේද ලංකාවේ කරගන්න ඕන. බිල නොගෙවීමේ මහා වැඩපිලිවෙළක් ගාන්ධික්‍රමයේ වැඩ පිළිවෙ ලක් අපි ඉතාමක් ඉක්මනින් පටන් ගන්නවා. ඒ දේ කරගන්නද මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ දේ කරගන්න ඉඩ හරින්න එපා.
208 Views
Comments