ගුවන් තැපෑලෙන් ආ කෝටි දෙකක මත්කුඩු රේගුව අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ගුවන් තැපෑලෙන් ආ කෝටි දෙකක මත්කුඩු රේගුව අල්ලයි

ගුවන් තැපෑලෙන් ආ කෝටි දෙකක මත්කුඩු රේගුව අල්ලයි

ගුවන් තැපැල් සේවය භාවිතා කරමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් කිහිපයක සඟවා එවා තිබුණු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

 

එහි වටිනාකම රුපියල් කෝටි 02ක් පමණ වන බව වාර්තාවේ.

 

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ(25) දින එම වැටලීම සිදුකර තිබුණි.

 

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ මීට මාසයකට පමණ පෙර එංගලන්තය, ඇමෙරිකාව, ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ, අහංගම, පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වලට මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබූ බවයි.

views

711 Views

Comments

arrow-up