අවුරුද්දට ජනතාවට ගමේ යන්න වැඩි වැඩියෙන් බස්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

අවුරුද්දට ජනතාවට ගමේ යන්න වැඩි වැඩියෙන් බස්

අවුරුද්දට ජනතාවට ගමේ යන්න වැඩි වැඩියෙන් බස්

අදින් ආරම්භ වන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් මගීන්ට සිය ගම්බිම් බලා යාමට තවත් බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද ප්‍රකාශ කර තිබේ.

 

 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, අප්‍රේල් 8 වැනිදා සිට බස් රථ සේවා කටයුතු සඳහා කාලසටහන සකස් කර ඇති බව ය.

 

 

අද දහවල් සහ සන්ධ්‍යාවේදී වැඩි පිරිසක් මධ්‍යම බස් නැවතුම්පොළ තම ගමන් බිමන් සඳහා භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 250 කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට තීරණය කර ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

 

 

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අංකයක්ද (011 232 80 81) හඳුන්වා දී ඇත.
 

views

226 Views

Comments

arrow-up