APR
05
ජල සම්පාදන සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (5) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ජල සම්පාදන වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එම සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා කියා සිටියේ මාර්තු 13 වැනිදා සංකේත වැඩවර්ජනයක් දියත් කළ නමුත් ඊට අදාල බලධාරීන්ගෙන් පැහැදිලි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සියලුම කාර්යාල රාජකාරිවලින් සහ පාරිභෝගික සේවාවලට පැමිණීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර තිබේ.
239 Views
Comments