දැයේ දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක්

දෛනිකව ලබාගන්නා ආහාරවල අන්තර්ගත ලුණු, සීනි හා තෙල් ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු පවසා ඇත.
මාධ්‍ය හමුවකට එක්වෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ, දරුවන් රැසක් මේ වනවිට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව ඇති බවය.
දැනටමත් වසරකට දරුවන් 100 ක් පමණ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේය.
මීට අමතරව ආහාර ලබාගැනීමේ දී රූපවාහිනිය නැරඹීමට හා දුරකථනය නැරඹීමට දරුවන් යොමුවීම තුළින්ද සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇති බව එම වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
279 Views
Comments