මේ අවුරුද්දේ කොහා වැඩිපුර සින්දු කියනවලු

මේ වසරේ කොහාගේ හැඬලීම අනෙක් වසරවල් වලට වඩා ඇසෙන්නට ලැබෙන බව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසයි.
මාර්තු අග වනවිට එම පක්ෂීන් කූඩු තැනීමට පටන් ගන්නා බැවින් අවුරුදු සමය තුළ කොහාගේ හඬ නිරන්තරයෙන් අසන්නට ලැබේ.
පෙර වසරවල් වලට වඩා වැඩි සංඛ්‍යාතයකින් මෙවර ඇසෙන කොහාගේ ශබ්දය පාරිසරිකව ඉතා වැදගත් දෙයක් බව ඔහු සඳහන් කර ඇත.
කුකුළු ගණයේම සාමාජිකයෙකු වන Asian koel (Eudynamys Scholopaceus) නමින් හැඳින්වෙන කොහා, ඉන්දියානු උපමහාද්වීපය, චීනය සහ අග්නිදිග ආසියාවේ ජීවත් වන පක්ෂි විශේෂයකි.
329 Views
Comments