බස් ගාස්තු අඩු වන දිනය ගැන ඉඟියක්

එළබෙන ජූලි මාසය වන විට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටී.
මේ දිනවල පැවැත්වෙන මැතිරවණ රැළි හේතුවෙන් බස් කර්මාන්තයට වාසිදායක තත්වයක් දක්නට ලැබෙන බව ඒ මහතා ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටී.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ,
"මම ගණන් මිමි බැලුවා 2023 වසරේ මාස දෙකේ දින කිහිපයක් ගිහිල්ලා තියෙනවා මේ වනවිට. මේ උද්ඝෝෂණ හා විරෝධතා නිසා අපේ බස් රථ වලට මිලියන 500 කට ආසන්න මුදලක් අහිමි වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ බස්නාහිර පළාත තුළ පමණක්. මේ සම්බන්ධයෙන් අපි හෙට දිනේ පොලිස්පතිවරයාටත් ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් නැවත සිහිකැඳවීමක් කරනවා. එසේ කරගන්න හැකියාවක් වුණේ නැතිනම් අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිසමටත් පොලිසියටත් විරුද්ධව අපිට අධිකරණයට යන්න වෙනවා."
231 Views
Comments