පල්ලේබැද්දේ අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

පල්ලේබැද්දේ අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි

පල්ලේබැද්දේ  අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි

පල්ලේබැද්ද ප්‍රදේශයේදී අද (15) අලුයම බස් රථයකින් පිටතට විසිවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

 


අද අලුයම, පල්ලේබැද්ද කළුවරගහ වංගුව ආසන්නයේදී වන්දනා ගමනක් රැගෙන යමින් සිටි බස් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසළ කාණුවකට වැටී අනතුරට ලක්ව ඇත. එම  අවස්ථාවේ දරුවා බස් රථයේ එන්ජින් පෙට්ටිය මත වාඩිවී සිට ඇති මෙම පිරිමි ළමයා ඉවතට විසිවී ගොස් ඇති බවත් ඉන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් වාර්තාවේ.

 


ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගොඩකවෙල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

219 Views

Comments

arrow-up